බෙහෙවින් ජනප්‍රිය TikTok සහ WeChat ඇතුළු චීනයට සබඳතා ඇති apps 59 ක්, ඉන්දියාව විසින් තහනම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ටික් ටොක් ඇප් එකෙහි විශාලතම විදේශික වෙළෙඳපොළ ඉන්දියාව වන අතර ඉන්දියාවේ සිටින TikTok භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 120 කි.
ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කළේ, මෙම ඇප් තම රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය , ආරක්ෂාව සහ සාමයට තර්ජනයක් බැවින් මෙම පියවර ගත් බවයි .
මෙම ඇප් භාවිත කරන්නන්ගේ දත්ත අනවසරයෙන් සොරාගැනෙන බවට පැමිණිලි ගණනාවක් ලැබීමෙන් පසු ඒවා තහනම් කළ බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.
චීනය සහ ඉන්දියාව අතර පවතින දේශ සීමා අර්බුද උත්සන්න වන පසුබිමකදී ඉන්දියාව මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.
මේ මාසයේදී දෙරටම හිමාල දේශ සීමාව ආසන්නයේ පිහිටි ලඩක් පළාත වෙත සිය සෙබළුන් වැඩි ප්‍රමාණයක් යෙදවීමට පියවර ගත්තේ ය.
ඉකුත් සතියේ දෙරටේ සෙබළුන් අතර එම ප්‍රදේශයේදී හටගත් ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
චීන සෙබළුන් 40 කට වැඩි සංඛ්‍යාවක් ද ඉන් මිය ගිය බව ඉන්දියාව පැවසූ නමුත් චීනය මෙතෙක් එය තහවුරු කර නැහැ.
චන්ද්‍රිකා ඡායාරූපවලින් පසුගියදා අනාවරණය වූයේ චීනය හිමාල දේශ සීමාව ආසන්නයේ නව ආකෘති ඉදිකර ඇති බවයි.

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය