ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් – 19 වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ මේ වන විට එංගලන්තයේ සංචාරක නිරතවී සිටින ක්‍රීඩකයෙකුටයි.
කෙසේ වෙතත් එම ක්‍රීඩකයාගේ නම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් හෙළිකර නොමැති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එම ක්‍රීඩකයා කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, ඉන්දීය කණ්ඩායම පොදුවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ මේ වන විට එම ක්‍රීඩකයා නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි.
කොවිඩ් ආසාදිත එම ක්‍රීඩකයා එංගලන්ත – ඉන්දීය පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩරම් ප්‍රදේශයට කණ්ඩායම සමග ගොස් නොමැති බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි