ඉන්දියාවේ දෛනිකව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හමුවීම ඉහළ යාමත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ පවසති.
දෛනිකව ලක්ෂ තුන ඉක්මවූ ආසාධිතයින් හමුවීම නිසා භාණ්ඩ පැටවීම, ගොඩබෑම සඳහා ශ්‍රමිකයින් සොයා ගැනීමේ අභියෝගය හේතුවෙන් එදිනෙදා ආහාර සඳහා යොදා ගන්නා භාණ්ඩ අපනයනයට බලපෑම් එල්ලවෙමින් පවතින බව වාර්තා වේ.
අල, ලූනු, මිරිස්, සූදුරු, මහදුරු, කඩල ආදී ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන අතර දෛනිකව බහලුම් තුන් හාර සියයක් මෙසේ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙයි. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි බිම්වලින් ඒවා ව්‍යාපාරික ස්ථානවලට රැස් කර ගැනීමේ ගැටලු මතුව ඇති බව වාර්තා වේ.
ගෙවුණු සතියේ අඛණ්ඩව ලක්ෂ දෙක හමාරත් තුන්ලක්ෂ පහළොස් දහසත් අතර රෝගීන් වාර්තා වූ අතර දෛනිකව මරණ දෙදහස ඉක්මවා වාර්තා වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව