ජූලි මස 13 වනදා ඉන්දීය කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් ශ්රී ලංකා ජාතික කණ්ඩායම මේ වන විටත් කොන්ත්රාත් අත්සන් කිරීම ප්රතික්ෂේප කිරීම හේතුකරගෙන ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමගින් යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණයවී තිබෙන අතර මේ අනුව ඉන්දීය තරගාවලියට සූදානමක් වශයෙන් ශ්රී ලංකාව පසුගිය කාලය තුළදී නියෝජනය කළ ක්රීඩකයන් කිහිප දෙනෙකුම ජෛව ආරක්ෂක බුබුළකට යොමු කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බවට අනාවරණය වනවා.
ක්රීඩකයන් හතළිස් දෙනකුට පමණ ආසන්න ප්රමාණයක් කොන්ත්රාත් ගිවිසුම අත්සන් කිරීම ප්රතික්ෂේප කර ඇති නිසා ආසන්න වශයෙන් ක්රීඩකයන් දස දෙනෙකු මෙලෙසජෛව බුබුල තුලට ඇතුල් කර ඇති බවටයි වාර්තා වන්නේ.ඒ අනුව ඔවුන් කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ රැඳී සිටින බව සඳහන් වන අතර එලෙස රැඳී සිටින ක්රීඩකයන් වන්නේ,
අසේල ගුණරත්න
අශාන් ප්රියංජන
ඇන්ජලෝ පෙරේරා
සදුන් වීරක්කොඩි
ඩිල්ශාන් මුණවීර
මිලින්ද සිරිවර්ධන
චතුරංග ද සිල්වා
රොශේන් සිල්වා
ප්රභාත් ජයසූරිය
ලහිරු මදුසංක යන ක්රීඩකයන් 10 දෙනා බව සදහන්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්