අවුරුදු 15 ක දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මුම්බායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය වාර්තා සදහන් කළේ පසුගිය ජනවාරි මාසයේ සිට මෙම දැරිය වරින් වර දූෂණයට ලක් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර දැරියගේ පෙම්වතාද වන බව එරට ආරක්ෂක අංශ සදහන් කර තිබෙනවා.
මෙම සැකකරු සතුව තිබූ – දැරිය හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක්ද සොයාගෙන තිබුණා.
දැරිය පසුගිය ජනවාරි මාසයේ සිට මුම්බායි, ඩොම්බිවිලි, බඩ්ලාපූර්, මුර්බාඩ් සහ රබාලේ යන ප්‍රදේශ වලට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බවටයි සදහන් ව ඇත්තේ.
දැරිය පෙරේදා දිනයේ මේ පිළිබද පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති අතර ඇය සදහන් කර ඇති පුද්ගලයන් 33 දෙනෙකු පිළිබද විමර්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්