සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇත.
මිය යන විට ඔහු 85 වන වියේ පසු විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත.
1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට 14 ක ප්‍රධාන චරිත රඟ පා ඇති අතරචිත්‍රපට 300 කට පමණ රඟන දායකත්වය දැක් වූ චැටර්ජි දක්ෂ කවියෙකු,නාට්‍ය රචකයෙකු මෙන්ම වේදිකා නළුවෙකු ද වෙයි.
ඉන්දියාවේ ඉහළම සම්මානය වන ඩඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත. අපූගේ ලෝකය ,චාරුලතා,ආරණ්‍ය දීන් රාත්‍රී ,අභිජන් ,ඝරේ බයිරේ චැටර්ජිගේ යන චිත්‍රපටි ඔහු රගපෑ විශිෂ්ට චිත්‍රපට වෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්