දුෂ්කර සමයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් ප්‍රකාශ කළා.
ඔහු නිකුත් කළ ට්වීටර් පණිවිඩයක දැක්වෙන්නේ නව වසරට සුබ පැතුම් එක් කිරිම සඳහා තමා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග දුරකතන සංවාදයක නිරත වූ බවයි.
එහිදී මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීමට එකඟ වූ බවයි ඔහු සිය ට්විටර් පණිවිඩය මගින් සඳහන් කළේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ට්වීටර් පණිවිඩය නිකුත් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව යි.
මේ අතර ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රවේශය දීර්ඝ කිරීම පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදීමේ තම රටෙහි ප්‍රතිපත්තිය යටතේ වැදගත් පාර්ශවකරුවෙකු ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්