මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
පසුගිය සෙනසුරාදා දිනයේ දී ඉන්දීය විදේශ ලේකම්වරයා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර ඔහු අද දිනය දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතව තිබේ.
ඔහු මෙරට රැඳී සිටි කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයක නිරත වූ අතර අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද හමුවී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබුණි.
ඊට අමතරව ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (04) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද මුණගැසී සාකච්ඡා සිදුකර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති