ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිඛෙනවා.
හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සියලු විනෝදාස්වාද ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹුකර තබන ලෙස එරට රජය සියලු ප්‍රාන්ත වෙත දැනුම් දී තිබෙනවා.
දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 31) ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුකර්ජි මිය ගියා. මිය යන විට 84 වන වියේ පසුවුණා.
ඔහුට කෝවිඩ් නයින්ටීන් වෛරසයද ආසාදනය වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්