ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කර තිබේ.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන පළමු 20යි 20 ජාත්‍යන්තර තරගාවලිය එළඹෙන 17 වනදා ආරම්භවීමට නියමිතය.
ඒ නවසීලන්ත කණ්ඩයමට එරෙහිවය.
තරග තුනකින් යුත් එම 20යි 20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා මේ වනවිට ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.
එම කණ්ඩායම සඳහා හිටපු නායක විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යා නම් කර නොමැති බව වාර්තා වෙයි.
ඊයේ නැමිබියාව ට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වුණි.
2017දී පළමු වරට ඉන්දීය 20යි 20 කණ්ඩායම මෙහෙයවූ විරාත් කෝලි මේ දක්වා තරග 50කදී ඉන්දීය 20යි 20 කණ්ඩායමට නායකත්වය ලබාදී ඉන් තරග 30ක්ම ජය ලබා තිබේ.
කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම පරාජය වී ඇත්තේ 20-20 ජාත්‍යන්තර තරග 16ක් පමණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි