ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද විදාරණය වීමෙන් එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
එරට ජාවා දූපතේ පිහිටි එම ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.
ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන තිබේ.
එම දූපතට ඇද හැලෙන අධික වර්ෂාව මුදාගැනීමේ කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවද වාර්තා වේ.
ඉන්දුනිසියානු ආපදා කළමනාකරණ ආයතනය ප්රකාශ කළේ සිය ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ