ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් තිබේ.
අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර ඇත.
පුද්ගලයින් 600 ක පමණ පිරිසකට පහසුකම් සහිත අදාළ බන්ධනාගාරයේ 2,000 ක පමණ පිරිසක් රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි