ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදේ අද(10) භූ කම්පනයක් සිදුව තිබේ.
එය රික්ටර් 6.0 පරිමාණයේ ප්‍රබලතාවකින් යුක්ත වන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාවා දිවයිනේ නැගෙනහිර මලන්ග් නගරයට කිලෝමීටර 45 ක් නිරිත දෙසින් කිලෝමීටර 82 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇත.
ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර භූ කම්පනය බාලි දිවයින ඇතුලු ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකටම දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි
Boeing සමාගමේ ගුවන් යානා ප්රශ්නය සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
චීන ජනපති ෂැංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක