ඉන්දීය ගමනාන්ත වෙත ගුවන් ගමන් වැඩි කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
එහි සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබූ බවයි.
ගෝලීය සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් සංචාරකයින් අතර විශ්වාසය ගොඩනගා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
ඒ අනුව ශ්රී ලන්කන් ගුවන් සේවයේ ඉන්දීය මෙහෙයුම් පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරීමට සුදුසුම අවස්ථාව මෙය බවද සභාපතිවරයා පවසනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්