ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරගාවලිය ‘විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමක් සහ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් සමගින් පැවැත්වෙන තරගාවලියක්’ වැනි බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රමීස් රාජා විදෙස් මාධ්‍යක් වෙත පවසා තිබේ.

රමීස් මෙයට හේතුව ලෙසින් කණ්ඩායම් දෙක සතු හැකියාවේ පරතරය, ක්‍රියාත්මක වීම සහ දක්ෂතාවල ඇති තත්ත්වයේ වෙනස්කම් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව යනු සත්කාරක රට බැවින් ඉන්දියාව සමග තරගාවලියේදී මීටත් වඩා සැලකිල්ලෙන් යුතුව මෙම තරගාවලියට මුහුණ දිය යුතු බවද රමීස් පවසා තිබේ.
ඉකුත් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් ඉන්දීය දඟ පන්දු යවන්නන්ට පහරදුන් ආකාරය දුටුවිට හරිහැටි දඟ පන්දු යවන්නන්ට පෙනී සිටීමට ශ්‍රී ලංකා පිතිකරුවන් නොදන්නා බව පෙනී ගිය අතර තරගයේ පිතිකරණය වෙනස් විය යුතු අවස්ථාව කුමක්දැයි යන්නටද නිසි අවබෝධයක් නොමැති බව දක්නට ලැබෙන බව රමීස් රජා පවසා තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි