පසුගිය අලුත් අවුරුදු දින කීපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසක දක්නට තිබූ පෙට්‍රල් හා ඩීසල් පෝලිම් වල සාපේක්ෂව අඩුවීමක් අද දක්නට ලැබුණි.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් සේවකයින් පැවසුවේ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමග ජනතාව වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ අඩුවක් මතුවූ බවයි.
“වෙනදා අපිට ගහ ගන්න බැරිතරම් වාහන එනවා. මිල වැඩිකලාට පස්සෙ මිනිස්සු තෙල් ගහන්නේ නැහැ ”
කෙසේ වෙතත් ඉන්ධන සැපයුමද මේ වනවිට යථාවත් කර ඇති අයුරු කොලොන්නාව ඉන්ධන සැපයුම් සංකීර්ණය ආශ්‍රිතව දක්නට ලැබේ. ඊයේ දිනයේත් ඉන්ධන සැපයීම සිදුකළ අතර දිවා රාත්‍රී දෙකේම එලෙස සැපයුම යා වත් කාලීන කෙරෙනබව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙවන් පසුබිමක භූමිතෙල් පෝලිම් තවදුරටත් දිගුවන ආකාරය අදත් දක්නට ලැබුණි
පවතින ගෑස් හිඟය හමුවේ ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් භාවිතයට හුරු වීම ඊට හේතුවී තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් අත් හිටුවනලද ගෑස් සැපයුම මෙතෙක් සක්‍රීය වී නොමැත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති