පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව පසුගිය අගෝස්තු මස
31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,
“අද වෙනකොට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබනවා. ඒ වගේම ඩීසල්වලින් රුපියල් 31.46කින් වැඩිවෙලා තියෙනවා අලාභය. මාසයකට අපි ගත්තොත් අගෝස්තු 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් අපි ලබනවා. ඒක නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ වගේ අවස්ථාවක දී සිදුකළ යුතු ප්‍රධාන කාරණය තමයි ඉන්ධන මිල ඉහළ දැමීම. ඒ නිසා රජයේ අවධානය යොමුකරනවා මිල වැඩිකිරීමක් අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිව අපි ඉල්ලා සිටිනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
“අපි වැඩි කළේ ජූනි මාසයේ 11 මැයි මාසයේ ඉලක්කම් පදනම් කරගෙන. එතකොට පෙට්‍රල් තිබුණේ ඩොලර් 74ට ඒක තමයි 92 වෙලා තියෙන්නේ. එදත් එක්ක බලද්දි බරපතළ මිල ඉහළ යෑමක්. මෑත ඉතිහාසයේ වාර්තා වු ඉහළම මිල වාර්තා වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. ඕනවට වඩා බර උස්සන්න ගියාම කොන්ද කැඩෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට පුළුවන් නම් යම් සහනයක් දෙන්න, ආණ්ඩුව සහනයක් දුන්නොත් මිල වැඩිකිරීමක් කරන්න වෙන්නේ නෑ. ඒක අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා බලනවා.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්