ඉරානයේ Kerman නගරයේ ඊයේ (3) සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 211 දෙනෙකු තුවාල ලබා ඇත. ඇතැම් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ජෙනරාල් Qassem Soleimani වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් ඊයේ (3) ඉරානයේ Kerman නගරයේ දී පැවැත්විණ. අනුස්මරණ උත්සවයට සහභාගී වීමට සිය ගණනක් ජනතාව රැස්ව සිටි Qassem Soleimani ගේ සුසාන භූමිය අසල මිනිත්තු දහයක පරතරයකින් පිපිරීම් දෙක සිදුව ඇත. මේ වනවිටත් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයෙක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන නොමැත.
ඉරානයේ Kerman නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වීම හේතුවෙන් ඉරාන ජනාධිපති Ibrahim Raisi සිය තුර්කි සංචාරය ද අවලංගු කර ඇත. ඉරාන ජනාධිපති කාර්යාලය මීට පෙර නිවේදනය කළේ Ibrahim Raisi අද (4) තුර්කියේ සංචාරයකට පිටත්ව යන බවයි.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය