ඉරානය සහ රුසියාව ඇතුළු රටවල් 14ක් අතර බැංකු හා මූල්‍ය සේවා ගනුදෙනු සම්බන්ධ කිරීම සිදු විය .ඉරානය සහ රුසියාව ඊයේ (29) ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ඒ අනුව ඉරානයේ හා රුසියාවේ සියලු බැංකු එකිනෙකට සම්බන්ධ වන බව එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක් වෙමින් ඉරාන මධ්‍යම බැංකුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මේ වන විට ඉරානයට අයත් විදේශීය බැංකු ශාඛා රුසියාව ඇතුළු රටවල් 14ක බැංකු පද්ධතිවලට සම්බන්ධ වී තිබේ. එමගින් එම රටවල බැංකු 100කට වැඩි සංඛ්‍යාවකට ඉරානය සමග ගනුදෙනු කිරීමට හැකියාව ලැබේ. ඉරානය සමග අත්සන් කළ එම අවබෝධතා ගිවිසුම මගින් සිදු කෙරෙන බැංකු හා මූල්‍ය සහයෝගීතාවන්ට , බටහිර රටවල් පනවා ඇති විවිධ සම්බාධකවලින් බලපෑම් එල්ල නොවන බව රුසියානු මධ්‍යම බැංකුව පවසයි.
ඉරානය ,රුසියාව ඇතුළු රටවල් 14ක බැංකු හා මූල්‍ය සේවාවන් එකිනෙකට සම්බන්ධ කෙරේ

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි