ඉරානය සහ රුසියාව ගනුදෙනුවලදී ඇමෙරිකානු ඩොලර් වෙනුවට සිය රටේ ජාතික මුදල් භාවිත කිරීමට තීරණය කරයි. ඊයේ (27) පැවති දෙරටේ මහ බැංකු අධිපතිවරුන් අතර හමුවීමේදී එම එකඟතාවයට පැමිණ ඇත.
දෙරට අතර මුදල් හා බැංකු වේදිකාව ක්‍රියාත්මක වීමත් සමඟ, දෙරටේ බැංකු සබඳතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
දෙරටේ මහ බැංකු පෙර එකඟ වූ සහයෝගීතා ක්‍රියාමාර්ග ද මේ වන විට තහවුරු කර ඇත. එමෙන්ම තාක්ෂණය සහ විශේෂ කොන්දේසි යටතේ වන සහයෝගීතා පිළිබඳ ඉදිරියේදී තවදුරටත් සාකච්ඡාවට ලක් වනු ඇත. රුසියාවේ සිට ඉරානයට මූලික භාණ්ඩ යැවීම සඳහා, රුබල් බිලියන 6.5 ක් වටිනා ආනයන ණය මාර්ගයක් ද සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අවධානයට ලක්ව තිබේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය