ඉරානය හා සිරියාව අතර සම්බන්ධතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
ඉරාන විදේශ අමාත්‍ය Hossein Amirabdollahian මහතා ඊයේ(30) සිරියාවේ ඩමස්කස් අගනුවරට ළඟා වී එරට නිල සංචාරයක් ආරම්භ කළේ ය. සිරියාවේ විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා හමුවූ හෙතෙම මෙම හමුවෙන් දෙරටේ හවුල්කාරීත්වය තහවුරු කළ හැකි බවට අපේක්ෂා පළ කළේ ය. ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi හා සිරියාවේ ජනාධිපති Bashar al-Assad යන මහත්වරුන් පසුගිය මැයි මාසයේ අත්සන් තැබූ සම්පූර්ණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය.
හමුවට පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. සිරියා විදේශ අමාත්‍යවරයා බ්‍රික්ස් ක්‍රමවේදය හා එක් වූ ඉරානයට සුබ පැතුම් පිරිනැමීය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය