සති දෙකක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර, එම සීමා බලාත්මක කිරීම සඳහා හමුදාව යොදවන ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා එරට රජයෙන් ඉල්ලා තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය මේ වනවිට පස්වන කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටී.
ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට වේගයෙන් නතුවෙමින් ඇති ඉරානයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ නැවතත් තිස්දහස ඉක්මවා ගොස් තිබුණි.
මෙම ව්‍යසනකාරී වසංගත ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවා තිබේ.
සෞඛ්‍ය අංශයේ සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම සහ පීඩනය නිසා ඔවුන් රෝගී වෙමින් සිටින බව ඇමතිවරයා පවසයි.
ඉදිරියේදී මෙම අර්බුදය තවදුරටත් දරුණු විය හැකි බැවින් සති දෙකක කාලයකට ලොක්ඩවුන් සීමා පනවා එය බලාත්මක කිරීමට හමුදාව යොදවන ලෙසත් දැඩි නීති පනවන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි