ඊනියා ඇමරිකානු-තායිවාන පනත අවලංගු කරන ලෙසත් තවදුරටත් වැරදි මාවතක ගමන් නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශය 10වැනිදා මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකානු ධවල මන්දිර වෙබ් අඩවිය පසුගිය 7 වනදා නිවේදනය කළේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඊනියා “ඇමරිකානු-තායිවාන 21 වන සියවසේ වෙළඳ මුලපිරීමේ පළමු අදියරේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පනත” ට අත්සන් කළ බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියාසිටියේ, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර ස්වෛරී ඇඟවුම් සහ නිල ස්වාභාවය ඇති ඕනෑම ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ අත්සන් කිරීම ඇතුළුව, ඕනෑම ආකාරයක නිල හුවමාරුවකට චීනය සැමවිටම දැඩිව විරුද්ධ වන බවයි. ඇමරිකාවේ ක්‍රියාවන් එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනේ විධිවිධාන උල්ලංඝනය කර ඇති අතර, තායිවානය සමග නිල නොවන සබඳතා පමණක් පවත්වාගෙන යන බවට ඇමරිකාව දුන් පොරොන්දුව කඩ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අවධාරණය කර ඇත.
ඊනියා ඇමරිකානු-තායිවාන පනත අවලංගු කරන ලෙස චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්