ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් 458 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම පිරිස 94 ක්.
ගම්පහ 76 ක් / රත්නපුර 59 ක් / මහනුවර 38 ක් / කුරුණෑගල 28 ක් / නුවරඑළිය 25 ක් /කලුතර 22 ක් / මාතලේ 22 ක් සහ මාතරින් 18 ක්ද ඊයේ ආසාධිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.
හම්බන්තොට 15 ක් / බදුල්ල හා අම්පාරෙන් 12 දෙනා බැගින්ද / මොණරාගල 09 ක් / ගාල්ලේ 07 ක් / යාපනයේ 05 ක් / කෑගල්ලේ 05 ක් / සහ මුලතිව් දෙදෙනෙක් ලෙසද ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.
මීට අමතරව අනුරාධපුර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලින් දෙදෙනා බැගින්ද / පුත්තලම – පොළොන්නරුව – වව්නියාව – ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් එක් අයෙක් බැගින්ද ඊයේ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව