ඊයේ (15) දිනයේ වාර්තා වුණු කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 704 දෙනා අතරින් 541 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
“ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් වාර්තා වෙනවා. ඒකෙන් 3 දෙනෙක් පිටරටවල් වලින් ආපු කට්ටිය. 701ක් වාර්තා වෙන්නෙ මේ දෙවැනි රැල්ලෙන්. ඒ 701න් 541 දෙනෙකුම වාර්තා වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙනුත් බහුතරයක් වාර්තා වෙන්නෙ කොළඹ නගරසභා සීමාව සහ මේ වනවිට හුදෙකලාවට ලක් කර තිබුණු ප්‍රදේශ සහ අද උදෑසන වනවිට හුදෙකලාවට ලක් කරන්නට යෙදුණු ප්‍රදේශ වලින්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්