ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 503 දෙනා අතුරින්ද වැඩි පිරිසක් (147) සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුලු කොරෝනා ආසාධිතයන් ගණන 9340 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවු ආසාධිතයන් 130 දෙනා සමග එහි සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 6265 දක්වා ඉහළ ගියා.
මහනුවරින් ආසාධිතයන් 41 ක්ද / කලුතර හා අම්පාරෙන් ආසාධිතයන් 28 දෙනා බැගින්ද / රත්නපුරයෙන් ආසාධිතයන් 25 ක් සහ පුත්තලමින් ආසාධිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
යාපනයෙන් ආසාධිතයන් 11 ක්ද / කුරුණෑගලින් 10 ක්ද / නුවරඑළියෙන් 07 දෙනෙකුද ලෙස ආසාධිතයන් සටහන් වූ බවයි කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටියේ.
ගාල්ලෙන් 06 ක්ද / කෑගල්ල – අනුරාධපුර – මාතලේ හා මාතර දිස්ත්‍රික්වලින් ආසාධිතයන් දෙදෙනා බැගින්ද ඊයේ වාර්තා වූ ආසාධිතයන් අතරට අයත්.
විදේශයන්ගෙන් පැමිණි 07 ක් සහ ප්‍රදේශය තහවුරු කරගැනීමට නොහැකි වූ ආසාධිතයන් 36 ක්ද ඊයේ ආසාධිතයන් අතර වනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්