ඊයේ (09) දිනය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 697ක් හඳුනාගෙන තිබේ.
එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
ඊයේ දිනයේ දී වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ ආසාදිතයින් ගණන 357ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 219ක් හඳුනා ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 30075ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ දෙකත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 144ක් දක්වා ඉහළ ගොස් තිබේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග