ඊයේ (12) දින තවත් කොරෝනා මරණ 63 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ දිනය තුළ කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර මැයි 23 සිට මැයි 31 දක්වා කොවිඩ් මරණ 12 ක් සහ ජුනි 01 සිට ජුනි 11 දක්වා මරණ 51 ක් වාර්තා වනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 2,136 ක් දක්වා ඉහළ යනවා. අද තහවුරු වූ මරණ පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්.
(*එසැණ පැහැදුම ඇතැම් මරණ සිදු වූ පසු, ඒවා කොරෝනා අසාදිත මරණ ද යන්න තහවුරු කරගැනීම සඳහා යම් කාලයක් ගතවේ. පෙර දිනවල සිදු වූ මරණ, ඉන් පසු දිනක කොරෝනා ආසාදිත මරණ ලෙස තහවුරු කරන්නේ එබැවිනි.)
යාවත්කාලීන කොරෝනා තතු සියල්ල පහතින්. https://helakuru.lk/corona


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ