ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 532 දෙනා අතුරින් 226 දෙනෙකු සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 35 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවකයන් වනවා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 72 ක් ඊයේ වාර්තා වී ඇති අතර ඉන් 33 දෙනෙකු බෝගම්බර බන්ධනාගාරයෙන් වනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාධිතයන් ගණන 50 ක්. එයින් 13 ක් මීගමුව බන්ධනාගාරයෙනුයි.
ගාල්ල බන්ධනාගාරයේ 39 දෙනෙකු ඇතුලු ආසාධිතයන් 46 ක් ඊයේ ගාල්ලෙන් සටහන් වුණා.
කලුතර 31 ක් / කෑගල්ලේ 16 ක් / මඩකලපුවේ 16 ක් / මාතර 15 ක් / අම්පාරේ 14 ක් හා කුරුණෑගල 12 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.
යාපනයේ 08 ක් / රත්නපුර 08 ක් / මාතලේ 05 ක් / අනුරාධපුර 03 ක් / නුවරඑළියේ 02 ක් / හම්බන්තොට 01 ක් හා විදේශයන්ගෙන් පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාධිතයන් අතර වනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ