ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.එම සංඛ්‍යාව 526ක්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ඊයේ දිනයේ කොවිඞ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනුණා.
මේ අතර මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඞ් පොකුර ආසාදිතයින් 25,818ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයින් 17, 850ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,377ක් වන අතර ඉන් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා තිබෙනවා.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව7,978ක්.
මේ අතර පොලිස් මූලස්ථානයේ නිළධාරීන් 150 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට අද එක්තරා ජාතික පුවත්පතක පළවී ඇති වාර්තාව අසත්‍ය බව පොලිසිය පවසනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ නිළධාරීන් 03 දෙනෙකු පමණක් ආසාධිතයන් බවට පත්ව ඇති බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්