ඊයේ දිනයේදී නව ආසාධිතයන් 05 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2810 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 04 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් තැනැත්තා සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු වනවා.
මේ අනුව විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 917 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.
මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 503 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ සමස්ත ගණන 2296 ක්.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් 599 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 65 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්