ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(4) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පලස්තීන-ඊශ්‍රායල් ගැටුම ආරම්භ වීමෙන් පසු, මේ වනවිට පලස්තීනුවන් 22,438 ක් මිය ගොස් ඇති අතර, 57,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මහතා ඊයේ(4) ගාසා තීරය සඳහා ඊළඟ අදියරේ ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් සැලැස්ම ඉදිරිපත් කළේ ය. උතුරු ගාසා තීරය වඩාත් ඉලක්කගත ප්‍රදේශය වන අතර, එහි දකුණේ සිටින හමාස් සංවිධානයේ නායකයින් පසුපස හඹා යාම අඛණ්ඩව කරගෙන යන බව ද ඔහු සඳහන් කළේ ය. ගැටුම් අවසන් වීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරය පාලනය නොකරනු ඇති නමුත් එහි ගමන් කිරීමේ නිදහස ඊශ්‍රායලය රඳවා ගනු ඇත. ගාසා තීරය පලස්තීනුවන්ට පාලනය කළ හැකි නමුත් එය ඊශ්‍රායලයට සතුරු හෝ තර්ජනාත්මක නොවිය යුතුය යන කොන්දේසිය මත විය යුතු බව ද Yoav Gallant මහතා සඳහන් කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය