‘අත්පත් කරනු ලැබූ පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු’ Francesca Albanese මහත්මිය ඊයේ(26) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළාය. ඊශ්‍රායලය ජන සංහාරය සිදු කළ බව එරට ගාසා තීරයට එල්ල කළ හමුදාමය මෙහෙයුම් හා ප්රචණ්ඩත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පැහැදිලි වූ බව එම වාර්තාව සඳහන් කරයි.
වසර 2023 ඔක්තෝබර් 7වනදා සිට ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 32 දහසක් ඝාතනය කරනු ලැබූ අතර ඉන් 13 දහසක් දරුවන් වූ බව එම වාර්තාව පෙන්වා දෙයි. 12 දහසකට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරව සිටින අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 74 දහසකි. සියයට 70ක ජන නිවාස විනාශ කෙරුණු අතර ජනගහණයෙන් සියයට 80ක් අවතැන්ව සිටිති. මිලියන දෙකක පිරිසක් සාගින්නෙන් පෙළෙන බව ද එම වාර්තාවේ දැක්වේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය