ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් නිවේදනය කරයි

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය විසින් වසර ගණනාවකට පසු සිය විශාලතම ප්‍රහාරය දියත් කිරීමත් සමග ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 250 ක් මිය ගොස් 1,590 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ සිට සටන්කාමීන් විශාල පිරිසක් දකුණු ඊශ්‍රායල ඇතුළු වී තිබේ. ඔවුන් ඊශ්‍රායල සොල්දාදුවන් සහ සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඇතැමුන් නැවත ගාසා තීරයට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

එයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ගාසා තීරයට ද ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉන් පුද්ගලයන් 232ක් මිය ගොස් 1600කට තුවාල සිදුව ඇත.

මේ සමගම ඊශ්‍රායලය “යුද්ධයක” සිටින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේය. මේ අතර, තවමත් දකුණු ඊශ්‍රායලයේ ඇතුළු වී සිටින සටන්කාමීන් සමඟ සටන් අඛණඩව පවතී.

තුවක්කුකරුවන් දුසිම් ගනනක් විවිධ ස්ථාන ගණනාවකින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ බව විශ්වාස කෙරේ. සමහරු ගාසා තීරයේ සිට පරිමිතිය කපා දැමූ අතර තවත් සමහරු මුහුදෙන් ඇතුළු වූහ.

පලස්තීන සටන්කාමීන් ලෝකයේ වඩාත්ම ශක්තිමත් දේශසීමාවක් ආක්‍රමණය කළේ ද යන්න ගැටලුවකි. ගාසා තීරයේ සිට කි.මී. 1.6ක් පමණ දුරින් පිහිටි ස්ඩෙරොට් නගරය ඇතුළු ඊශ්‍රායල ගම්මාන සහ නගර වෙත සටන්කාමීන් ඇතුළු වී වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල හුවමාරු වී ඇත. පුද්ගලයින් රුසක් ඊශ්‍රායල ප්‍රවෘත්ති මධ්‍යස්ථාන අමතමින් කියාසිටියේ ඔවුන් තම නිවෙස්වල සිරවී සිටින බවයි.

දකුණු ඊශ්‍රායලයේ එක් ප්‍රාදේශීය සභාවක නායක ඔෆිර් ලිබ්ස්ටයින් තම ප්‍රජාව ආරක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී සටන්කාමීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇත. ඊශ්‍රායල ජාතිකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝ පට ද මේ වනවිට හුවමාරු වේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com