ඊශ්‍රායලය හා Hamas සංවිධානය සාමය සඳහා දැරූ ප්‍රයත්න චීනයේ පැසසුමට ලක් වෙයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා 27 වන දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.
ඔහු පවසන්නේ ඊශ්‍රායලය හා Hamas සංවිධානය තාවකාලික සටන් විරාම ගිවිසුමට එළඹීමෙන් පසු දෙපාර්ශ්වයන් යටතේ රඳවා ගෙන සිටි පුද්ගල කණ්ඩායම් 3ක් නිදහස් කර ඇති බවයි. මෙය සාමය කරා ගමන් කළ කුඩා ප්‍රයත්නයක් වුවද ප්‍රශංසා කළ යුතු ය. සටන් විරාම පෙළඹවීමට හා ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට දරන ඕනෑ ම ප්‍රයත්නයක් චීනය පිළිගනී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාල තීන්දු තීරණ අනුගමනය කරන ලෙස චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි. පොදු ප්‍රයත්න යටතේ තාවකාලික සටන් විරාම ගිවිසුම ප්‍රායෝගික ව ක්‍රියාවට නංවා එහි කාලය දීර්ඝ කරවන ලෙස චීනය ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේ ය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය