පලස්තීන-ඊශ්‍රායල ගැටුම මෙවර ඇරඹුණු ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් පලස්තීනුවන් 19,453 ක් මිය ගොස් 52,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. පලස්තීන ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (18) මේ බව ප්‍රකාශ කළේ ය.
එම වාර්තා අනුව, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් වෛද්‍ය නිලධාරීන් 310 දෙනෙකු මිය ගොස් ඇති අතර, රෝහල් 22 ක සහ වෛද්‍ය මධ්‍යස්ථාන 52 ක සේවා නවතා දමා ඇත.
ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරේ පැවති ගැටුම්වලින් අවම වශයෙන් පලස්තීනුවන් 300 ක් පමණ මිය ගොස් ඇතැයි ද එරට මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්