පලස්තීනයේ ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(6) නිකුත් කළ නිවේදනයට අනුව ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 10022ක් මිය ගොස් ඇති අතර 25000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මිය ගිය පුද්ගලයන් අතුරින් 4100කට වැඩි පිරිසක් දරුවන් වන අතර 2600කට වැඩි පිරිසක් කාන්තාවන් බව වාර්තා වේ. ගෙවී ගිය පැය කිහිපය තුළ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ක්‍රියාත්මක කළ යුද ක්‍රියාකාරකම හේතුවෙන් පුද්ගලයන් 252ක් මිය ගොස් තිබේ. පසුගිය 5 වනදා රාත්‍රියේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා අවහිර වී ඇත. ඊයේ(6) පෙරවරුව වනවිටත් ගාසා තීරයේ සන්නිවේදන පහසුකම් හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර නොමැත.
ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි