ඊශ්‍රායලයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ඉහළ යන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ යටතේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ නව හැවිරිදි පුත්‍රයාට ද වයිරසයට එරෙහි එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊශ්‍රායලය මේ වනවිට සිව්වන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියකට මුහුණ දී සිටිනවා.
පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතුරෙන් බහුතරයක් කුඩා දරුවන් වීම ද ඔවුන්ට එන්නත් ලබාදීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ යටතේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන් මිලියන 1.2 කට එන්නත් ලබාදීමට නියමිතයි. කොරෝනා වයිරසය ආසාදනය වූ ඊශ්‍රායල දරුවන් 3500 කට පමණ හෘද වස්තුව , වකුගඩු , පෙනහළු , මොළය හා සම ආශ්රිත රෝග හටගෙන ඇති බව වාර්තා වනවා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ