කොරෝනා වයිරසයට එරෙහි එන්නතෙහි හතරවන මාත්‍රාව ලබාදීම ඊශ්‍රායලය ඊයේ ආරම්භ කළා.
ඒ සමගම වයිරසයට එරෙහි එන්නතේ 4වන මාත්‍රාව ලබා දෙන පළමු රට බවට ඊශ්‍රායලය පත්වනවා. එන්නතෙහි හතරවන මාත්‍රාව තෝරාගත් කණ්ඩායමකට ප්‍රථමයෙන් ලබා දෙන බවයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය අංශ සේවකයින්ට හතරවන මාත්‍රාව ලබාදීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.
වයිරසයේ නව ප්‍රභේදයන්ට සාර්ථකව මුහුණ දීම සදහා අවශ්‍ය ප්‍රතිදේහ ප්‍රමාණය නිපදවා ගැනීම හතරවන මාත්‍රාව ලබාදීමේ අරමුණ බවයි බලධාරීන් සදහන් කරන්නේ. කෙසේ වුවද එන්නතෙහි 4වන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන තෙක් අදහස් පළකර නැහැ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්