උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිලයක් ඔවුන්ගේ නැගෙනහිර මුහුදු කලාපයට නිකුත්කර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
ස්ව ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සහ අවි ආයුධ අත්හදාබැලීමට තමන්ට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙක්ට නොහැකි බව උතුරු කොරියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් පවසන අතරතුර එම මිසයිල අත්හදාබැලීම සිදුකර ඇති බව සඳහන් විය.
මීට සති කිහිපයකට පෙර බැලස්ටික් සහ කෘස් මිසයිල අත්හදාබැලීමට උතුරු කොරියාව ක්‍රියා කළේය.
තමන් දකුණු කොරියාව සමග නැවත සාකච්ඡා කිරීමට කැමති බව උතුරු කොරියාව පසුගියදා පැවසීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්