උතුරු කොරියානු හැකරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පර්යේෂකයින් පවසන්නේ 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර ආර්ති බව සඳහන් වෙයි.
එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට භාරදී ඇති බව වාර්තා විය.
එම හැකරුන් විසින් උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර එම සොරකම් කිරීම් කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි