උතුරු කොරියාව ඉදිරියේදී දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමකට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එහි මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමට උතුරු කොරියාව තුල පසුගිය වසරේ මුල සිට පනවා තිබූ දැඩි සීමා සමග එරට ආර්ථිකය බිඳ වැටීම ඊට ප්රධාන හේතුව වී ඇති බවයි.
එම දැඩි සීමා හේතුවෙන් උතුරු කොරියාව සහ චීනය අතර පැවති වෙළඳ සබදතා බිඳ වැටී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට පනවා ඇති සම්බාධක අවම කල යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කර ඇත්තේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ