හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්‍රබලතම මිසයිල අත්හදා බැලීම වේ .
මෙය මධ්‍ය දුර බැලැස්ටික් මිසයිලයක් වන අතර සම්පූර්ණ බලය යොදා සැතපුම් දහස් ගණනක් ගමන් කළ හැකි බව පවසේ .මෙම මිසයිලය පළමු පරීක්ෂණයේදී කිලෝමීටර 2000 ක් උඩින් කිලෝ මීටර 800 දුරක් ආවරණය කළ අතර සම්පුර්ණයෙන් කිලෝමීටර් 4000 ක දුරක් ගමන කල හැකි බව උතුරු කොරියානු රජය පවසයි . එමනිසා ඇමෙරිකානු භූමි ප්‍රදේශයක් වන ගුවාම් වෙත ද පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම මිසයිලයට ලැබේ .
අද දින මෙම මිසයිල අත්හදා බැලීම පිළිබඳ උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කළ අතර මිසයිලයේ සවි කරන ලද කැමරාවෙන් ගන්නා ලද කොරියානු අර්ධද්වීපය සහ ඒ අවට දුර්ලභ ඡ යාරූප කිහිපයක් ද මාධ්‍යයට නිකුත් කරන ලදි .
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි