ගැටළු තවදුරටත් උග්‍ර වීම වැලැක්වීම වත්මන් හදිසි කටයුත්තක් බව කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති මාධ්‍ය හමුවක දී කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොරියානු අර්ධද්වීපයේ අසල්වැසි රටක් ලෙස චීනය උතුරු කොරියා-දකුණු කොරියා සබඳතාවේ වත්මන් ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටියි. එහි නොසන්සුන් තත්ත්වය ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු ජයග්රහණයන්ට අනූකූල නොවේ. ගැටළු තවදුරටත් උග්‍ර වීම වැලැක්වීම වත්මන් හදිසි කටයුත්තක් බවද ඇය ප්‍රකාශ කළාය.කොරියානු අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමෙහි චීනය අඛණ්ඩව නියැළි සිටී. අදාළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට චීනය දරන ස්ථාවරය වෙනස් නොවන බවත් ඒ ඒ පාර්ශ්වයන් ඊට උත්සාහ දරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් Mao Ning මහත්මිය කියා සිටියාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි