නැවත දැනුම්දෙනතුරු උතුරු සහ නැගෙනහිර මුහුදු කළාපයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
ඒ පවතින කාළගුණ තත්වය අවදානම් වීම හේතුවෙන්.
එම කලාපයේ ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා කඩිනමින් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙස ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.
මේ අතර ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එය ඉදිරි පැය 48ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ