කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප්‍රදේශයේ නිවෙසක් තුළ ඉකුත් දා සිදුවූ පිපිරීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ සහ කිලිනොච්චිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින්.
සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය කලාපයට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර පුනරුත්තාපනය වීමෙන් අනතුරුව ඔහු සිවිල් ආරක්ෂක බලකායට එක්ව තිබෙනවා.
අදාළ පිපිරීම සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ මේවනවිට ත්‍රස්ත විමර්ශන භාරයේ රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.
එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේ කුමන කටයුත්තක් වෙනුවෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්