උතුරු පළාතේ ජනයා බියගන්වමින් අපරාධවල නිරත සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු, ගංජා සමග කිලිනොච්චිය හා යාපනය යන ප්රදේශවලදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් කිසියම් ප්රහාරයක් සඳහා කඩු රැගෙන යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී යාපනය කොලොම්තුරේයි හා කිලිනොච්චි පොන්නගර් යන ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 20–28 අතර වයස්වල පසුවන්නන් බව විශේෂ කාර්ය බලකාය කියයි.
උතුරු පළාත තුළ අපරාධවල නිරත සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් 15 දෙනෙක් පමණ ගත වු දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ