යාපන විශ්වවිද්‍යාලයට අනුබද්ධ ධීවර හා ජලජීවී පීඨය මුලතිව් ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ලංකාදීපයට පැවැසීය.
ධීවර කටයුතු හා ජලජීවී වගාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා දකුණේ රුහුණු විශ්ව විද්‍යාලයට අනුබද්ධව ධීවර හා ජලජීවී පීඨයක් පිහිටුවා ඇති නමුත් උතුරු ප්‍රදේශයේ සිසුන්ට එම අවස්ථාව මෙතෙක් හිමි නොවූ බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මිලියන 3400 මුදලක් මේ සදහා වැය වන බවට ගණන් බලා ඇති අතර අක්කර 100 ක ඉඩමක මෙම පීඨය ඉදිකිරීමේ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් පිළගත් බව දේවනන්දා මහතා කීය.
උතුරු පළාතේ ධීවර හා සාගර සම්පත් පීඨයක් පිහිටුවීමට 90 දශකයේ දී එවකට යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිව සිටි මහාචාර්ය තුරේ රාජා මහතා ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් 2007 වසරේ සිට යාපන විශ්ව විද්‍යාලයේ විෂයක් ලෙස ධීවර කටයුතු ඉගැන්වීම සිදු වන නමුත් ඒ සඳහා පීඨයක් නොමැති වීම ප්‍රශ්නයක් වූ බවත් හෙතෙම සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්