උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහල යාමයි. භාණ්ඩ හා සේවා කට්ටලයක සාමාන්‍ය මිල දර්ශකය අනුව මිල වෙනස් වීම සිදුවන ආකාරය අනුව උද්ධමනය අනුපාතය ගණනය කරනු ලැබේ.
පසුගිය අවුරුද්දේ එනම් 2021 අප්‍රේල් මස මිල ගණන් සමග සසදන විට 2022 අප්‍රේල් මස උද්ධමනය 29.8% කි. එය 2022 මාර්තු මසට වඩා 9% වැඩි වීමකි.
මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ ආහාර වල මිල වැඩි වීමයි.
ආහාර නොවන ද්‍රව්‍ය වල මිල උද්ධමනය වැඩිවූයේ ඉන්ධන මිල ,ගෘහස්ථ ගෑස් මිල හා අනෙකුත් උපයෝගීතා වෙනුවෙන් කරන වියදම වැඩි වීම නිසාය. එය 22% දක්වා ඉහළ ගියේය.
ආහාර වල මිල වැඩි වන්නේ;
අමතර ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ප්‍රධාන වශයෙන් 2021 අප්‍රේල් මස රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුඅස්වනුඅඩුවීම ප්‍රධාන වශයෙන් බලපෑවේය.
*රුපියල අඛණ්ඩව අවප්රමාණයවීම නිසා ආනයනික භාණ්ඩවල මිල වැඩි වී ඇත.
*ඉන්ධන හිඟකම හේතුවෙන් ආහාර වෙළඳපළට ප්‍රවාහනය දුෂ්කර වීමත් ඒ නිසා සැපයුම අඩු වීමත් බලපෑවේය.
*හාල්, තිරිගු, පිටි,සීනි,පරිප්පු වැනි ද්‍රව්‍යවල මිල වැඩි වීමත්ලෝක වෙළඳපලේසැපයුම් ලබා ගැනීමේ ප්‍රමාදයන් බලපාවේය.
*ගෑස් වල මිල වැඩිවීම නිසා පිසූ ආහාර ,සැකසූ ආහාර වල මිල ඉහළ යාම තවත් අහිතකර ලෙස බලපෑවේය.
*ඉන්ධන හිඟවීමත් ඉන්ධන මිල ඉහළ යාමත් නිසා ආහාර වෙළඳපොලට රැගෙන ඒමේ වියදම් වැඩිවීම වක්‍රව බලපාන ලදී.
*මූලික ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම නිසා ඇතැම් ශ්‍රමිකයන්ගේ වේතන වැඩි විය.
හාල් 75%
පරිප්පු 146%
පාන් සීයට 109.5%
එළවළු 110%
අර්බුදය පවතින්නේ ආර්ථිකයේ බවත් එය ප්රමුඛතාවලා සලකා සියල්ලෝ එකතුව වැඩ කළ යුතුය.
අවුරුදු තිහක යුද්ධයක් ජයගත්,කොරෝනා වසංගතය සාර්ථකව මැඩ පැවැත්වූ පැවැත්වූ ශ්‍රී ලාංකිකයන්ට මෙම ආර්ථික අර්බුදය එකතුව ජයගත හැකිය.
ප්‍රතිපත්තිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමත් ,සියලුම ජනමාධ්‍ය ,සමාජ මාධ්‍ය එකාවන්ව වැඩ කළ යුතුය.
විදේශ රට වල සිටින ශ්‍රී ලාංකිකයන් බැංකු හා මහ බැංකුව පිළිගත් මූලායතන වලින් පමණක් මෙරටට මුදල් සම්ප්රේෂණයකළ යුතුය.
බැංකු හා මූල්‍ය ආයතන වලින් තොරව විදේශ මුදල් උන්ඩියාල් වැනි අවිධිමත් ක්‍රම මාර්ගයෙන් විදේශයන්ට සම්ප්‍රේෂණය නොකළ යුතුය.
දේශීය නිෂ්පාදනය තුළින්අපගේ පාරිභෝගික අවශ්යතාසපුරා ගත යුතුය.
අපිට පුළුවන් ආකාරයෙන්ගෙවත්තේ වගා කර සුළු ප්‍රමාණයෙන් හෝ අපගේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගත යුතුය.
පුළුවන් හැම විටම විදේශයන්ගෙන් ආනයන කරන භාණ්ඩ හා සේවාවන් අවම කළ යුතු අතර ඒ සඳහා දේශීය භාණ්ඩ හා සේවාවන් වලට යොමුවිය යුතුය.
ගෑස් වෙනුවට ආදේශකයන් වන පොල්කටු අඟුරු,දර ලිප් භාවිතා කලයුතුය.
විදුලිය අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් සීමාකලයුතුය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් මිලදී ගැනීම හා
ආහාර ඉවත නොදමන්න.
අතිරික්ත ආහාර නැති බැරි අය සමඟබෙදාගන්න.
අනවශ්‍ය ගමන් බිමන් අවම කිරීම.
අතිරික්ත අස්වැන්න ඉදිරි පරිභෝජනය සඳහා සුරක්ෂිත කිරීම.
සුළු පරිමාණ කර්මාන්තකරුවන් නගා සිටුවීම.
දේශපාලන පාට පක්ෂ අමතක කර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ යුතුකම ඉටුකර සියල්ලෝම ආර්ථික අර්බුදය ජයගමු.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්