උද්ධමනය යළි ඉහළ යනු ඇතැයි වසරේ පළමු මූල්‍ය වාර්තාවෙන් මහ බැංකුව පෙන්වා දෙයි

ඉදිරි මාස 03නේ සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසර සඳහා ඉදිරිපත් කළ පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ.

දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම එම වාර්තාවෙන් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව සඳහන් කර තිබේ.

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇත.

මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද වාර්තාවේ සඳහන්ය.

2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් උද්ධමනය ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com